Aug 01, 2019

ලොව එකම පැන්ඩා තුන් නිවුන්නු, උපන්දිනය සමරයි (ඡායා)

ලොව ජීවත්වන එකම තුන් නිවුන් යෝධ පැන්ඩා සතුන් පසුගියදා සිය පස්වැනි උපන්දිනය සැමරූ පුවතක් චීනයෙන් වාර්තා වේ.

මෙම උපන්දින උත්සවය පවත්වා තිබුණේ ඔවුන් වාසය කරන දකුණු චීනයේ ග්වන්ජෝ සත්වඋද්‍යානයේදී ය.

මෙන්ග්මෙන්ග්, ෂ්වායිෂ්වායි, හා කුකු යන මෙම තුන් නිවුන් යෝධ පැන්ඩාවරුන් තිදෙනාගේ උපන්දිනය වෙනුවන් සත්වෝද්‍යානයේ කාර්ය මණ්ඩලය විසින් විශේෂ පළතුරු කේක් ගෙඩියක් සදා තිබුණු අතර, මෙම විශේෂ අවස්ථාව සැමරීම සඳහා පෙළපාළියක් ද
පවත්වා තිබුණි.

මේ අතර, චීනය පුරා වෙසෙන තුන් නිවුන් දරුවන් තිස්දෙනෙකුද මෙම උපන්දින සාදයට එක්වී සිටි අතර, ඔවුන් මීටර් 10 ක් දිගැති වෙනත් උපන්දින කේක්ගෙඩියක් ඉදිරිපිට මෙම උපන් දිනය සැමරූ බව චීන මාධ්‍ය වාර්තා කරයි.

(ඡායා : CGTN)

Panda1 670px 19 08 01

Panda2 670px 19 08 01

Panda3 670px 19 08 01

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top