Aug 02, 2019

නිදහසේ විදෙස්ගතවෙන්න සෞදි කතුන්ට අවසර

සෞදි අරාබියේ කාන්තාවන්ට පිරිමි භාරකරුවෙකුගේ අවසරයකින් තොරව විදේශගත විය හැකි බව රාජකීය නියෝගයක් නිකුත් කර තිබේ.

සිකුරාදා ප්‍රකාශයට පත් කරන ලද නව නීතිය යටතේ වයස අවුරුදු 21 ට වැඩි කාන්තාවන්ට පිරිමි භාරකරුවෙකුගේ අවසරයකින් තොරව විදේශ ගමන් බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කළ හැකි වේ.

ඒ අනුව, වැඩිහිටි කාන්තාවන්ට පිරිමින්ට හා සමානව විදේශ ගමන් බලපත්‍රයක් සහ සංචාරයක් සඳහා ඉල්ලුම් කළ හැකි වේ.

මේ දක්වා සෞදි කාන්තාවන්ට විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේදී ස්වාමිපුරුෂයා, පියා හෝ වෙනත් පිරිමි ඥාතියෙකු ඇතුළු පිරිමි භාරකරුවෙකුගෙන් අවසර ලබා ගැනීමට සිදුවිය.

මේ වනවිට දරු උපත්, විවාහය හෝ දික්කසාදය ලියාපදිංචි කිරීමේ අයිතියද රාජකීය නියෝග මගින් සෞදි කාන්තාවන්ට ලබා දී ඇත.

කාන්තාවන්ට රැකියා අවස්ථා පුළුල් කරන රැකියා රෙගුලාසි ද ඔවුන් ආවරණය කරයි.

වත්මන් නීති යටතේ, සියලුම පුරවැසියන්ට ස්ත්‍රී පුරුෂ භාවය, ආබාධිතභාවය හෝ වයස අනුව කිසිදු වෙනස්කමකට බඳුන් නොවී රැකියාවක නිරතවීමේ අයිතිය ඇත.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top