Aug 06, 2019

ඉන්දියාව, කාශ්මීරයට තිබූ හිමිකම් ඉවත් කරයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ඉන්දීය පාලිත කාශ්මීරයට විශේෂ තත්ත්වයක් දෙනු ලබන කොටස ඉන්දීය ආණ්ඩුව විසින් අහෝසි කරනු ලැබූ අතර ඒ සම්බන්ධයෙන් එරට පාර්ලිමේන්තුව තුළ කෝපය පළවීමට ද හේතු වී තිබේ.

ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වෙනි වගන්තිය මගින් මුස්ලිම් බහුතරයක් වෙසෙන අදාළ ප්‍රාන්තයට සුවිශේෂී ස්වයං පාලන බලයක් දී ඇත. ඉන්දියාව සහ ඉන්දීය පාලිත කාශ්මීරය අතර පවතින සම්බන්ධය අර්ථ නිරූපනය කරනු ලබන්නේ ද අදාළ වගන්තිය මගිනි.

ඉන්දියාව සහ පාකිස්තානය අතර පිහිටි මතභේදයට තුඩු දී ඇති එම කලාපයට දෙරටම හිමිකම් කියති. නමුත් ඉන්දියාව සහ පාකිස්තානය විසින් කාශ්මීර කලාපයේ කොටස් වෙන්ව පාලනය කරනු ලබයි.

ජම්මු- කාශ්මීරයට විශේෂ තත්ත්වයක් දී තිබු වගන්තිය ඉවත් කිරීමට ඉන්දියාව ගත් තීන්දුව හෙළා දකිමින් පාකිස්තානය කියා සිටියේ ඒ සම්බන්ධයෙන් "ප්‍රතිරෝධය දැක්වීම සඳහා" ගත හැකි සියලුම විකල්ප මාර්ග වෙත යොමු වන බවය.

"ඉන්දියාව, කලාපීය ස්ථාවරත්වයට සහ සාමයට බරපතල ප්‍රතිවිපාක ගෙන දෙන දරුණු ක්‍රීඩාවක යෙදී සිටිනවා," යැයි පාකිස්තානයේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ෂා මෙහ්මූද් කුරේෂි සඳහන් කළේය.

ඉහත කී වගන්තිය අවලංගු කිරීමට ගත් පියවර මගින් ජම්මු-කාශ්මීරයේ නොසන්සුන්කාරී වාතාවරණයක් හට ගනු අපේක්ෂා කෙරේ.

අදාළ තීරණයට එළැඹීමට පෙර ඉන්දීය පාලිත කාශ්මීරය වෙත ඉන්දීය හමුදා භටයන් දහස් ගණනක් යවනු ලැබූ අතර සංචාරකයන්ට ප්‍රදේශයෙන් ඉන් ඉවත් වන ලෙසට දැනුම් දුණි.

(බීබීසී සංදේශය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top