Aug 07, 2019

සුෂ්මා ස්වරාජ් අභාවප්‍රාප්ත වේ

ඉන්දියාවේ ජනප්‍රියතම දේශපාලනඥයෙකු වන සුෂ්මා ස්වරාජ් මියගොස් තිබේ.

වසර පහක් විදේශ ඇමති ලෙස සේවය කළ ස්වරාජ් මහත්මිය අඟහරුවාදා දින හෘදයාබාධයකට ගොදුරු වූ බව ඉන්දීය පුවත් සේවා පවසයි.

අගමැති ලෙස නරේන්ද්‍ර මෝදි ගේ පළමු වාරයේදී ඇය ජනප්‍රිය ඇමතිවරියක වූවාය. කෙසේවෙතත් ඇය මේ වසර මුලදී පැවති ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවීය.

විදේශගතව සිටින ඉන්දියානුවන් සමග ට්විටර් ඔස්සේ සම්බන්ධ වෙමින් ඔවුන්ට උදව් කිරීම පිළිබඳව ඇය ප්‍රසිද්ධියක් ඉසුලුවාය.

67 වියේ පසුවූ ස්වරාජ් මහත්මිය පසුගිය කාලය පුරාවට අසනීප තත්ත්වයෙන් පෙලුනු අතර, ඇයට 2016දී වකුගඩු බද්ධ කිරීමක්ද සිදුකරනු ලැබුණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top