Aug 12, 2019

ලෙකීමා සුළි සුළඟට බිලි වූ ගණන ඉහළට (වීඩියෝ)

ලෙකීමා සුළි සුළඟ හේතුවෙන් දැඩි බලපෑමට ලක්වූ නැගෙනහිර චීනයේ ජෙජියැං පළාතේ විපතට පත්වූවන් මුදවාගැනීමේ මෙහෙයුම් සිදු වෙමින් පවතියි.

ලින්'අන් දිස්ත්‍රික්කයේ හැංජෝ නගරයේ, සුළි කුණාටුවක් හේතුවෙන් මියගිය සංඛ්‍යාව ඊයේ දිනයේදී හතක් දක්වා ඉහළ ගියේය.

දැඩි වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර, සුන්බුන් සහ නායයෑම් මධ්‍යයේ අතුරුදහන් වූ ප්‍රදේශවාසීන් සොයා ගැනීමට සහ බේරා ගැනීමට මේ වන විට පියවර ගෙන තිබේ.

ලෙකීමා සුළි සුළඟ හේතුවෙන් ඇතිවූ නායයෑම් හා ගංවතුරෙන් යොන්ජියා නගරයේ පිහිටි ෂැන්සාඕ ගම්මානයේ, පුද්ගලයන් 23 දෙනෙකු මියගොස් නවදෙනෙකු අතුරුදහන් වී තිබේ.

නැගෙනහිර දිග චීනයේ මුදවාගැනීමේ කටයුතු සිදුකෙරෙන ආකාරය පහත දැක්වේ.

(වීඩියෝ : CGN News)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top