Pasidol
Sathosa Ad Final Sinhala
Jan 26, 2017

ට්‍රම්ප් තාප්පෙට ගෙවන්න මෙක්සිකෝව බෑ කියයි!

ඇමෙරිකාව සහ මෙක්සිකෝව අතර වූ දේශසීමාව ඔස්සේ බැඳීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යෝජනා කර ඇති තාප්පයයට ගෙවීමට මෙක්සිකෝව සූදානම් නැතැයි එහි ජනපතිවරයා වන එන්රිකේ පෙනා නියෙටො පවසයි.

මෙවැනි තාප්පයක් ඉදිකිරීමට ගෙන ඇති තීරණය පිළිබඳ කණගාටුවන බව පවසන ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ මෙක්සිකෝව තාප්ප පිළිබඳව විශ්වාස නොකරන බවයි.

කෙසේවෙතත්, ට්‍රම්ප් ව හමුවීම සඳහා ජනවාරි 31 දිනට යොදා ඇති වොෂිංටන් ගමන අවලංගු කිරීමක් හෝ කල්දැමීමක් පිළිබඳව ඔහු සඳහන් කර නොමැත.

මීට පෙරාතුව ට්‍රම්ප් පවසා තිබුනේ ඇමෙරිකාව - මෙක්සිකෝ දේශසීමාව ඔස්සේ ඉදිකිරීමට සැලසුම් කරන මෙම තාප්පය වෙනුවෙන් ඇමෙරිකාවට ගෙවීමට මෙක්සිකෝවට සිදුවන බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top