Aug 16, 2019

එවරස්ට් තරණය කරන්නන්ට නව නීති

ඉදිරියේදී එවරස්ට් කන්ද තරණය කිරීමට අපේක්ෂා කරන්නන් හට නව නීති රීති රැසකට යටත් වීමට සිදුවන බව වාර්තා වේ.

මුලින්ම ඔවුන් පළපුරුදු කඳු තරණය කරන්නන් බව පෙන්විය යුතු බව නේපාලයේ රජයට උපදෙස් දෙන මණ්ඩලයක් නිර්දේශ කර තිබේ.

රජයේ නිලධාරීන් කඳු තරණය කිරීමේ විශේෂඥයන් හා ඒ සම්බන්ධ ප්‍රජා ඒජන්සි මෙම මණ්ඩලයට ඇතුළත් විය.ඩොලර් 11,000 ක් ගෙවන ඕනෑම කෙනෙකුට එවරස්ට් තරණය කිරීමට ඉඩ සැලසීම පිළිබඳව දැඩි ලෙස විවේචන එල්ල වීමෙන් පසුව මෙම මණ්ඩලය පිහිටුවා තිබේ.

වාර්තාවක් මගින් මෙම මණ්ඩලය යෝජනා කර ඇත්තේ මෙම අයදුම්කරුවන් විසින් අවම වශයෙන් මීටර් 6,500ක් (අඩි 21,325) උසැති නේපාල ශිඛරයක් තරණය කර තිබිය යුතු බවයි.

ඔවුන්ට ශාරීරික යෝග්‍යතාව පිළිබඳ සහතිකයක් ලබා දිය යුතු අතර පළපුරුදු මාර්ගෝපදේශකයින් යොදවා ගත යුතු බවද එහි දැක්වේ.

මේ වසර තුළදී එවරස්ට් කන්ද තරණය කරන අතරතුරදී අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් හෝ අතුරුදහන් විය.

මරණ නවයක් එවරස්ට් කන්දේ නේපාලය දෙසින් වාර්තා වූ අතර, මරණ දෙකක් ටිබෙට් දෙසින් වාර්තා විය. අධික ලෙස සෙනඟ මෙම මරණ 4කට හේතු වී ඇති බවද වාර්තා විය.

එවරස්ට් තරණය කිරීමට කැමති ඇයදුම්කරුවන්ගෙන් අවම වශයෙන් ඩොලර් 35,000 ක් සහ මීටර් 8,000 ට වඩා උසැති වෙනත් කඳු තරණය කිරීම සඳහා ඩොලර් 20,000 ක් ද ගෙවිය යුතු බව ඉහත මණ්ඩලය යෝජනා කර තිබේ.

මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් නේපාල සංචාරක අමාත්‍ය යෝගේෂ් භට්ටාරි පවසා තිබුණේ, "නීති හා රෙගුලාසි සංශෝධනය කිරීමෙන් මෙය ඉදිරියට ගෙන යන බවත්, නේපාල කඳු ආරක්ෂිත, මනා කළමනාකරණයට යටත් හා ගෞරවනීය ස්ථාන බවට පත් කරන බවත්ය.

ලෝකයේ උසම කඳු 14 න් 8 ක්ම ඇත්තේ නේපාලයේ වන අතර, විදේශීය කඳු තරණය කරන්නන් යනු නේපාලයේ ප්‍රධාන ආදායම් මාර්ගයකි.

පසුගිය කඳු තරණය කිරීමේ සමය තුළදී නේපාල රජය විසින් බලපත්‍ර 381 ක් නිකුත් කර තිබුණි.

(බීබීසී පුවත්)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top