Aug 20, 2019

මිනිසෙක් තරම් උස 'යෝධ පෙන්ගුවින්

මිනිසෙකු හා සමාන විශාලත්වයකින් යුතු පෙන්ගුවින් කුරුල්ලෙකුගේ කොටස් නවසීලන්තයෙන් හමුවී තිබේ.

හමු වී ඇති පොසිල අස්ථි කොටස් අනුව, එම පෙන්ගුවින් උසින් මීටර් 1.6 ක් සහ බරින් කිලෝග්‍රෑම් 80 ක් පමණ වන්නට ඇතැයි සැලකේ.

ඉහත කී පෙන්ගුවින් විශේෂය මීට වර්ෂ මිලියන 56ත් 66ත් අතර පැලියෝසීන යුගයේ ජීවිතව ඇත.

කැන්ටබරි කෞතුකාගාරය එම සත්ත්වයා නම් කර ඇත්තේ 'යෝධ පෙන්ගුවින් (Monster penguin)' යනුවෙනි.

දැනට කැන්ටබරි කෞතුකාගාරයේ තබා ඇති වඳව ගිය, යෝධ සත්ත්ව විශේෂ වන ගිරවුන්, උකුස්සන්, වවූලන් සහ මීටර් 3.6ක් පමණ උසැති 'මොආ' නම් කුරුල්ලා අතරට "යෝධ පෙන්ගුයින්" ද එක් කර තිබේ.

(බීබීසී සංදේශය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top