Aug 20, 2019

ආක්ටික් හිමවලත් ප්ලාස්ටික්

ලෝකයේ අවසාන පිරිසිදු පරිසරයන්ගෙන් එකක් ලෙස සැලකෙන උත්තරධ්‍රැවයේ ආක්ටික් ප්‍රදේශයේ පවා අන්වීක්ෂීය ප්ලාස්ටික් අංශු හිම සමග අහසින් වැටෙන බව අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

මේ පිළිබඳව අධ්‍යයනයක් සිදුකළ විද්‍යාඥයන් පවසන්නේ හිම ලීටරයක මෙවැනි ප්ලාස්ටික අංශු 10,000කට වඩා හමුවූ බවත් මෙම සොයාගැනීම් සමග ඔවුන් දැඩි කම්පාවට පත්වූ බවයි.

ජර්මානු-ස්විට්සර්ලන්ත පර්යේෂකයන් කණ්ඩායමක් විසින් Science Advances නම් සඟරාවේ සිය අධ්‍යයනය පිළිබඳ තොරතුරු පළ කර තිබේ.

විද්‍යාඥයන් වැඩිදුරටත් පවසා තිබුණේ මෙම ප්‍රදේශයේ හිම වල රබර් අංශු මෙන්ම හා තන්තු ද සොයාගත් බවයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top