Aug 22, 2019

චිදම්බරම් අත්අඩංගුවට

දූෂණ හා මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් හිටපු ඉන්දීය මුදල් අමාත්‍ය පලනියප්පන් චිදම්බරම් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුව ඊයේ දිනයේදී මධ්‍යම විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

මුදල් ඇමතිව සිටියදී අල්ලස් ලබාගැනීමට විදේශ ආයෝජන නිෂ්කාශනය කළ බවට චෝදනා ඔහුට එල්ල වී තිබෙන අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ද පවතියි.

කෙසේවෙතත්, 73 හැවිරිදි චිදම්බරම් මහතා එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

ඉන්දියාවේ කොන්ග්‍රස් පක්ෂයේ ජ්‍යෙෂ්ට සාමාජිකයෙකු සහ 1984 සිට මන්ත්‍රීවරයකු වන ඔහු, ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස ද කටයුතු කර ඇත.

ඊට පෙර දින රාත්‍රියේ ඔහුගෙන් ප්‍රශ්න කිරීම සඳහා නිලධාරීන් නවදිල්ලි අගනුවරට පැමිණි නමුත් ඔහු නිවසේ නොමැති බව පැවසා තිබුණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top