Aug 26, 2019

ඇමේසන් ගිනි නවන්න G7 නායකයින් ගිවිසුමට ළඟාවෙයි

දකුණු ඇමෙරිකාවේ ඇමේසන් වැසි වනාන්තරයේ මේවන විට සතිගණනක් පුරාවට පවතින ගින්න මැඩපැවැත්වීම සඳහා ගිවිසුමකට එළඹීමට G7 සමුළු නායකයන් ඉතා සමීප බව වාර්තා වේ.

ඊයේ (25) දිනයේදී ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පවසා තිබුණේ “තාක්ෂණික හා මූල්‍යමය ආධාර” ලබා දීම සඳහා එකඟතාවයට එළැඹීමට ඉතා සමීප බවයි.

එක්සත් ජනපදය, ජපානය, ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, එක්සත් රාජධානිය සහ කැනඩාව යන රටවල නායකයින් ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන G7 සමුළුව අද දිනයේදීද ප්‍රංශයේ බයරිට්ස් නගරයේදී පැවැත්වේ.

වාර්තාගත ලෙස බ්‍රසීලයේ වනාන්තර ගිනිගැනීම සමග ජාත්‍යන්තර සැලකිල්ලට භාජනය වී ඇති අතර, මේ සම්බන්ධයෙන් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගෙන ඇතැයි එරට ජනපතිවරයාට චෝදනා ද එල්ල විය. දිගින් දිගටම එල්ල වන විදේශීය පීඩනය හමුවේ

මේ අතර, බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පවසා තිබුණේ ඇමේසන් වැසි වනාන්තරය ආරක්ෂා කිරීම සඳහා බ්‍රිතාන්‍යය ඩොලර් මිලියන 10 ක් ලබා දෙන බවයි.

විදේශයන්ගෙන් එල්ල වන දැඩි පීඩනයකට මුහුණ දෙමින් ජනාධිපති බොල්සනාරෝ, ගින්න මැඩපැවැත්වීම සඳහා පසුගිය සිකුරාදා දිනයේදී හමුදාවට බලය පවරා තිබුණි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top