Oct 04, 2019

150 වන ඡන්ම දිනය දා, ගාන්ධි ගේ භෂ්මාවශේෂ සොරාගනී

නූතන ඉන්දියාවේ නිර්මාතෘ මෙන්ම, එරට ජාතියේ පියා ලෙස හැඳින්වෙන මහත්මා ගාන්ධිතුමන්ගේ 150 වන ඡන්ම දිනයේදී ඔහුගේ භෂ්මාවශේෂ වලින් කොටසක් සොරකම් කර ඇතැයි වාර්තා වේ.

ගාන්ධිතුමන්ගේ ඡන්ම සංවත්සරය පසුගිය බදාදා යෙදී තිබූ අතර, එදින මධ්‍යම රාත්‍රියේදී මෙම සොරකම සිදුවී ඇත. මෙම සොරුන් විසින් ගාන්ධි ස්මාරකය අසළ තිබූ ඡායාරූපවල කොළ පැහැයෙන් ද්‍රෝහියා ලෙස සටහන් කර තිබූ බවද විදෙස් වාර්තා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී ඇති අතර, ගාන්ධි ස්මාරකයේ භාරකරු මංගල්දීප් තිවාරි පවසා ඇත්තේ මෙම සොරකම ඉතා නින්දිත ක්‍රියාවක් බවයි.

වසර 1948දී ඝාතනය වීමෙන් අනතුරුව ගාන්ධිතුමන්ගේ ගේ භෂ්මාවශේෂ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ රේවා ප්‍රදේශයේ පිහිටි බාපු භවාන් ස්මාරකයේ තැන්පත් කර තිබුණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top