Oct 09, 2019

උයිගුර් ගැටළුව නිසා චීන නිලධාරීන්ට වීසා සීමාවෙයි

මුස්ලිම් ජනගහනය මර්දනය කිරීමේ චෝදනා එල්ල වී ඇති චීන නිලධාරීන්ට වීසා සීමා පනවන බව  ඇමරිකාව පවසා තිබේ.
චීනයේ ෂින්ජියැන්ග් කලාපය තුළ මෙවැනි චෝදනා සම්බන්ධයෙන් චීන සංවිධාන 28 ක් අසාදු ලේඛනයට ඇතුළත් කිරීමට ඇමෙරිකාව විසින් පසුගිය සඳුදා ගත් තීරණයෙන් පසුව මෙම තීරණය ප්‍රකාශයට පත් කර තිබේ.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පැවසුවේ චීන රජය “අතිශය මර්දනකාරී ව්‍යාපාරයක්” ආරම්භ කර ඇති බවයි.

චීනයේ වෙසෙන උයිගුර් ඇතුළු සුළුතර මුස්ලිම් කණ්ඩායම්වලට එරෙහිව චීන රජය විසින් මර්දනකාරී ක්‍රියා රැසක් සිදුකළ බවට පොම්පියෝ මහතා නිවේදනයක් නිකුත් කරමින් චෝදනා කර තිබුණි.

කෙසේවෙතත්, චීනය විසින් එම චෝදනා බැහැර කර ඇත්තේ එය පදනම් විරහිත යැයි පවසමිනි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top