Pasidol
Sathosa Ad Final Sinhala
Jan 31, 2017

මුම්බායි ත්‍රස්ත ප්‍රහාර මහමොළකරු නිවාස අඩස්සියේ?

වසර 2008 මුම්බායි නුවර සිදුවූ ත්‍රස්ත ප්‍රහාර වලට සම්බන්ධ යැයි පැවසෙන සැකකරුවෙකු පකිස්තානයේදී රඳවාගෙන සිටින බව වාර්තා වේ.

බීබීසී පුවත් සේවය වාර්තා කරන අන්දමට තහනම් කරන ලද ලක්ෂා-ඊ-තයිබා සංවිධානයේ නායක - හෆීස් සයිඩ් නැමැති ආගමික නායකයා මේ වන විට ලාහෝර් නුවර නිවාස අඩස්සියේ තබාගෙන සිටියි.

ඔහු අල්ලා දෙන අයෙකුට ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක ත්‍යාගයක් ලබාදීමට ද බලධාරීන් ඉදිරිපත් වී ඇත.

මොහු මෙම ප්‍රහාර වල මහමොළකරු බවට නවදිල්ලිය හා වොෂිංටනය විශ්වාස කර සිටියද, මෙම ප්‍රහාර වලට තමාගේ කිසිඳු සම්බන්ධතාවයක් නැති බවට ඔහු දිගින් දිගටම පවසා තිබේ.

මේ අතර, හෆීස් සයිඩ් ගේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ සයීඩ් ට එරෙහිව කටයුතු කිරීමට ඇමෙරිකාව විසින් පකිස්තානු රජයට බලපෑම් කර ඇති බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top