Nov 13, 2019

ඉන්දියාව එල්.ටී.ටී.ඊ. තහනම තවත් දික් කරයි

ප්‍රබල ත්‍රස්ත සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ. සංවිධානය මත පැනවූ තහනම තවදුරටත් දීර්ඝ කිරීමට ඉන්දීය මධ්‍යම ආණ්ඩුව ගත් තීරණය එරට විනිශ්චය සභාවක් විසින් තහවුරු කර ඇත.
දිල්ලි මහාධිකරණ විනිසුරු සංගිතා දින්ග්‍රා ෂෙගාල්ගේ මූලිකත්වයෙන් යුතු එම විනිශ්චය සභාව විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස සලකා බලමින් ඊට පනවා තිබූ තහනම වසර 5 කින් දීර්ඝ කිරීමට මධ්‍යම ආණ්ඩුව ගත් තීරණය විමසා බැලීය.
 
ඒ අනුව මධ්‍යම ආණ්ඩුව ගත් තීරණය නිවැරැදි යැයි එම තීරණය තවදුරටත් තහවුරු කරමින් විනිශ්චය සභාව මධ්‍යම ආණ්ඩුවට දැනුම් දී තිබේ.
 
1991 වසරේදී ඉන්දියාවේ හිටපු අගමැති රජිව් ගාන්ධි මහතාගේ ඝාතනයත් සමග එල්ටීටීඊ සංවිධානය තහනම් සංවිධානයක් ලෙස නම් කිරීමට ඉන්දියාව කටයුතු කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top