Dec 04, 2019

අවු. 25 ඉඳන් කොලෙස්ටරෝල් බලන්න!

වයස අවුරුදු 25 පමණ සිට පුද්ගලයන් සිය කොලෙස්ටරෝල් මට්ටම් පරීක්ෂා කළ යුතු බව පර්යේෂකයන් පවසයි.
මේ පිළිබඳව සිදුකළ අධ්‍යයනක් 'ද ලැන්සෙට්' නම් ජර්නලයේ පළ කර තිබේ.

එලෙස පරීක්ෂණ වල නිගයමන් මගින් ජීවත කාලය පුරාවට හෘද රෝග හා ආඝාතය ඇතිවීමේ අවදානම ගණනය කළ හැකි බව ඔවුහු පවසති.

ඉහත අධ්‍යයනය, දශක ගණනාවක් තිස්සේ පුරාවට අධික ලෙස “අහිතකර” කොලෙස්ට්‍රෝල් ඇතිවීම හේතුවෙන් ඇති විය හැකි දිගු කාලීන සෞඛ්‍ය අවදානම් පිළිබඳව මේ දක්වා සිදුකර ඇති සවිස්තරාත්මකම අධ්‍යයනය ලෙස සැලකේ.

ආහාර ගැනීම හා ඖෂධ මගින් කොලෙස්ටරෝල් අඩු කරගැනීමට පුද්ගලයන් විසින් කඩිනයමින් කටයුතු කරන තරමට සුදුසු බව එම පර්යේෂකයන් වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top