Dec 05, 2019

යාත්‍රාවක් අනතුරට පත්වීමෙන් 58ක් ජීවිතක්ෂයට

අත්ලාන්තික් සාගරයේදී සංක්‍රමණිකයින් රැගත් යාත්‍රාවක් අනතුරට පත්වීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 58 දෙනෙකු පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මියගිය අය අතර කාන්තාවන් හා කුඩා ළමුන්ද ඇතැයි පැවසේ.

යාත්‍රාව අනතුරට පත් වන අවස්ථාවේදී එහි 150කට ආසන්න පිරිසක් සිට ඇති අතර ඉන් බොහෝ පිරිසක් වෙරළට පිහිනා දිවිබේරා ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top