Dec 09, 2019

විශ්ව රූ රැජිණ කිරුළ දකුණු අප්‍රිකාවට

වසර 2019 විශ්ව රූ රැජිණ ලෙස කිරුළු පැළඳීමට දකුණු අප්‍රිකානු ජාතික සෝසිබිනී ටූන්සි සමත් විය. 
ඒ, රටවල් 90 ක තරගකාරියන් පරාජය කරමිනි.

කලු පැහැති සමක් සහ කොට කොණ්ඩයක් සහිත කාන්තාවන් සුන්දර යැයි නොසලකන සමාජයක හැදී වැඩුණු තමන්ට, අද එම ආකල්පවලට තිත තැබීමට අවශ්‍ය යැයි ඇය 26 හැවිරිදි සෝසිබිනී පැවසුවාය.

හැට අට වැනි විශ්ව රූ රැජිණ තරගයේ අවසන් මහා තරගය පැවැත්වුනේ අමෙරිකාවේ ඇට්ලැන්ටාහිදීයි.

මෙම තරගයේ දෙවැනි සහ තුන්වැනි ස්ථාන හිමි කරගැනීමට පෝටෝ රිකෝ සහ මෙක්සිකෝ හි  තරගකාරියන් සමත් විය.

වසර 2011දී ලයිලා ලෝපෙස් ට පසුව විශ්ව රූ රැජිණ ලෙස කිරුළු පැළඳි පළමු කළු ජාතික කාන්තාව ඇයයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top