Dec 13, 2019

ඇමෙරිකානු - චීන ගිවිසුමක් අතළඟ

නව තීරුබදු වළක්වා ගැනීමේ අරමුණෙන් ඇමෙරිකාව හා චීනය වෙළඳ ගිවිසුමක් ඇති කර ගැනීම සඳහා දෙරට පියවර ගැනීමත් සමග අද (13) ආසියානු කොටස් වෙලඳපොල අගය ඉහළ ගොස් තිබුණි.

මෙම නව වෙළඳ ගිවිසුම අද දිනයේදී ප්‍රකාශයට පත්විය හැකි බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙමගින් ඇතැම් තීරුබදු ඉවත් කිරීමට වොෂින්ටනය එකඟ වී ඇති බවත්, වැඩි වශයෙන් ඇමෙරිකානු ගොවි භාණ්ඩ මිලදී ගැනීමට චීනය කටයුතු කරනු ඇති බවත් පැවසේ.

ඊයේ දිනයේදී ට්විටර් පණිවිඩයක් පළකරමින් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියේ චීනය හා ඇමෙරිකාව එකඟතාවක් ඇති කරගැනීමට ඉතා සමීප බවයි.

ඔවුන්ට මෙන්ම අපටත් එය අවශ්‍යයයි, යැයි ට්‍රම්ප් වැඩිදුරටත් පවසා තිබුණි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top