Dec 19, 2019

ට්‍රම්ප් දෝෂාභියෝගය: නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සීරුවෙන්

චෝදනා දෙකක් පදනම් කරගනිමින් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ගොනු කර ඇති දෝෂාභියෝගය අද දිනයේදී ඇමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හමුවට ඉදිරිපත් වනු ඇත.
එක්සත් ජනපද කොංග්‍රසය යනුවෙන් හැඳින්වෙන ඇමෙරිකන් පාර්ලිමේන්තුව, නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් මන්ත්‍රී මණ්ලය නම් මන්ත්‍රණ සභා දෙකකින් සමන්විතය. සෙනෙට් මණ්ඩලයේ බහුතර බලය ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය සතුව පවතින අතර, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ ප්‍රතිවාදී ඩිමොක්‍රටික්වරුන් සතුවේ.

මේ අනුව, ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් දෝෂාභියෝගයට ලක් කළ තුන්වන එක්සත් ජනපද ජනාධිපතිවරයා බවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ලබන මාසයේදී මෙම දෝෂාභියෝගය, සෙනෙට් මණ්ඩලය හමුවට ඉදිරිපත් වනු ඇත.

ජනාධිපතිවරයා විසින් මෙම ක්‍රියාවලිය “බලග්‍රහණය කරගැනීමේ උත්සාහයක්” සහ “වංචාවක්” ලෙස නම් කර තිබේ.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඡන්ද විමසීමට පෙර ඩිමොක්‍රටික් සභා කථානායක නැන්සි පෙලෝසි වෙත පිටු හයක ලිපියක් යවමින් ට්‍රම්ප් පවසා තිබුණේ “සාලෙම් මායාකාරියගේ නඩු විභාග වල චූදිතයන්ට” වඩා අන්ත ලෙස තමාට සලකා ඇති බවයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top