Dec 31, 2019

නව වසර සමරන්න මොස්කව් වලට කෘතිම හිම

වසර 1886 සිට රුසියාවේ මොස්කව් අගනුවරට මේ දක්වා උදාවූ උණුසුම්ම දෙසැම්බර් මාසයත් සමග, අවුරුදු උත්සව සඳහා කෘතිම හිම යොදාගැනීමට එම නුවර බලධාරීන් කටයුතු කර ඇත.

විශාල ට්‍රක් රථ මගින් මේ අයුරින් රතු චතුරස්‍රය ඇතුළු නගරයේ විවිධ ස්ථාන වලට කෘතිම හිම බෑම, සමාජ මාධ්‍යවල හාස්‍යයට බඳුන් වී තිබේ.

කෙසේ වෙතත්, ඊයේ දහවල් කාලය වන විට මොස්කව්හි සැහැල්ලු හිමපතනයක් වාර්තා වූ අතර, සතියේ අගභාගයේදී තවත් හිමපතනයන් සිදුවනු ඇති බවට කාලගුණ විද්‍යා අනාවැකි වල සඳහන් වේ.

ඉතා තද සීතලෙන් යුත් ශීත කාලයන් සඳහා ප්‍රසිද්ධ රුසියාවේ මෙවැනි මෘදු ශීත සමයක් උදාවීම ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ තවත් සාක්ෂියක් ලෙස සැලකේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top