Dec 31, 2019

ලැව්ගිනි වලින් බේරෙන්න 4,000 ක් මුහුදු වෙරළට යයි

ඕස්ට්‍රේලියාවේ වෙරළාසන්න නගරයක් ආසන්නයේ ලැව්ගිනි ව්‍යාප්තවීමත් සමග එහි සිටි දහස් ගණනක් ජනතාව මුහුදු ජලය කරා ගොස් ඇතැයි වාර්තා වේ.

මාලකූටා නම් මෙම ප්‍රදේශයේ අහස රත් හා කළු පැහැ ගැන්වී ඇති බවත්, හාරදහසකට වැඩි පිරිසක් ලැව්ගිනි වලින් බේරීම සඳහා මෙලෙස මුහුදු ජලය කරා ගොස් ඇති බවත් ඒජන්සි වාර්තා සඳහන් කරයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වෙරළබඩ ජනාවාස ප්‍රදේශ කිහිපයකම පසුගිය දිනවල ලැව්ගිනි වාර්තා වීමත් සමග එහි සිවිල් වැසියන් මුහුදු ජලය කරා ගොස් තිබුණි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top