Jan 08, 2020

ඇමෙරිකානු හමුදා වෙත ඉරානයෙන් මිසයිල් ප්‍රහාරයක්

ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුව ඉරාකයේ ඇමෙරිකානු හමුදා ඛණ්ඩ සිටින ගුවන් කඳවුරු දෙකකට වැඩි ප්‍රමාණයකට බැලිස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබේ.

මෙය, ඉරානයේ ඉහළම අණදෙන නිලධාරියෙකු වූ කසෙම් සොලෙයිමනී හට මරු කැඳවමින් ඇමෙරිකානු  ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගය මත බැග්ඩෑඩ් වෙත සිදුවූ ඩ්‍රෝන් ප්‍රහාරය වෙනුවෙන් එල්ල කළ ප්‍රතිප්‍රහාරයක් බව ඉරාන රජයේ රූපවාහිනිය ප්‍රකාශ කර තිබේ.

පෙන්ටගනය පවසන්නේ ඉර්බිල් සහ අල් අසාද් ඇතුළුව අවම වශයෙන් ඉලක්ක දෙකකට මෙලෙස මිසයිල් ප්‍රහාර එල්ල කර ඇති බවයි. මෙම ප්‍රහාරයෙන් පුද්ගල හානි සිදුවී ඇතිද යන්න පිළිබඳ හෙළි වී නැත.

කෙසේවෙතත්, පසුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉරාන විදේශ ඇමති ජාවඩ් සරීෆ් කියා සිටියේ මෙම ප්‍රහාරය ආත්මාරක්ෂාව සඳහා සිදුකළ බවත්, යුද වාතාවරණයක් දක්වා තත්වය උත්සන්න කිරීමට දැරූ උත්සාහයක් නොවන බවත්ය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top