Jan 09, 2020

හැරී - මේඝන් රාජකීය භූමිකාවෙන් ඉවත්වෙයි!

 
සසෙක්ස් හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය වන හැරී හා මේඝන් “ජ්‍යෙෂ්ට රාජකීය සාමාජිකයන්” ගේ භූමිකාවෙන් ඉවත් වී මූල්‍යමය වශයෙන් ස්වාධීන වීමට කටයුතු කරන බව ප්‍රකාශ කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් හැරී කුමරු සහ මේගන් පවසා තිබුණේ තමන් බ්‍රිතාන්‍යය හා උතුරු ඇමරිකාව අතර ජීවිත් වීමට අදහස් කරන බවයි.

නිවේදනයක් නිකුත් කරමින් හැරී කුමරු සහ මේගන් ද එක්සත් රාජධානිය සහ උතුරු ඇමරිකාව අතර කාලය වෙන් කිරීමට අදහස් කරන බව පැවසීය.

මෙම තීරණය ප්‍රකාශ කිරීමට පෙර මොවුන් දෙදෙනා මහරැජින හෝ විලියම් කුමරු ඇතුළු රජ පවුලේ කිසිඳු සාමාජිකයෙකු සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර නොමැති බවද, මෙම තීරණය හේතුවෙන් බකිංහැම් මාලිගයේ “බලාපොරොත්තු සුන් වී” ගොස් ඇති බවද පැවසේ.

අධික මාධ්‍ය අවදානය යටතේ තමාට මුහුණදීමට සිදුවීමට ඇති අපහසුතා පිළිබඳව හැරී කුමරු සහ මේගන් ඔක්තෝම්බර් මාසයේදී ප්‍රසිද්ධියේ හෙළි කර තිබුණි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top