Jan 11, 2020

අරාබියේ දිගුකලක් රාජ්‍ය කළ සුල්තාන් මියයයි !

අරාබි ලෝකයේ දීර්ඝතම කාලයක් රාජ්‍ය නායකයා ලෙස කටයුතු කල ඕමානයේ සුල්තාන් බින් සයිඞ් අල් සයිඞ් මියගොස් ඇත.
අභාවප්‍රාප්ත වනවිට ඔහුගේ වයස අවුරුදු 79 කි. ඕමාන රාජ්‍ය නායකයා පිළිකා රෝගයෙන් පීඩා විඳි බවටද වාර්තා පළව තිබිණි.
 
බෙල්ජියමේදී ප්‍රතිකාර ලැබීමෙන් පසු ඔහු යළි සියරට පැමිණියේ පසුගිය මාසයේදී වන අතර වයස අවුරුදු 29දී සිය පියා පාලනයෙන් නෙරපා හැර ඔහු එරට රාජ්‍ය නායකත්වයට පත් විය.
 
ඕමානය සංවර්ධිත රාජ්‍යයක් බවට පත්කිරීමේ පුරෝගාමියා ලෙස සැළකෙන්නේද සුල්තාන් බින් සයිඞ් අල් සයිඞ් වන අතර අවිවාහක වීම හේතුවෙන් ඔහුගෙන් පසුව රාජ්‍ය නායකත්වයට පත්වන්නේ කවුරුන්දැයි මෙතෙක් නිශ්චිතව ප්‍රකාශයට පත්වී නොමැති බව පැවසේ.
 
සිය රාජ්‍ය නායකයාගේ අභාවය හේතුවෙන් ඕමානය දින 3 ක ශෝක කාලයක්ද ප්‍රකාශයට පත් කර තිබේ.
 
අනතුරුව එරට ප්‍රධාන පරිපාලන ආයතනය වන රාජකීය කවුන්සිලය රැස්වී මීලග රාජ්‍ය නායකයා කවුරුන්දැයි තෝරා පත්කර ගැනීමට නියමිතය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top