OPEN

#

OPEN

#

Jan 13, 2020

ටාල් ගිනි කන්දෙන් ලාවා ගලයි

පිලිපීනයේ ටාල් ගිනි කන්දෙන් ලාවා පිටවීම ආරම්භ වී ඇති අතර, ඉදිරි “පැය හෝ දින කිහිපයක් ඇතුළත” අනතුරුදායක පිපිරීමක් සිදුවිය හැකි බව එරට බලධාරීන් අනතුරු අඟවයි.

මැනිලා අගනුවරට කිලෝමීටර් 70 ක් (සැතපුම් 45 ක්) දකුණින් පිහිටි ටාල් ගිනි කන්දෙන් අද අළුයම කාලයේ පටන් මද වශයෙන් ලාවා ගලා ඒමට පටන් ගෙන තිබේ.

ගිනි කන්දෙන් විශාල අළු ප්‍රමාණයක් පිටවීමත් සමග, ඊට ආසන්න ප්‍රදේශ වල සිටි 8,000 ක් පමණ ජනතාව මේ වන විටත් ආරක්ෂිත ස්ථාන කරා ගෙන ගෙන ගොස් අවසන්ය.

ලොව කුඩාම ගිනි කඳු වලින් එකක් වන ටාල්, පිලිපීනයේ දෙවැනි වඩාත් ක්‍රියාකාරී ගිනි කන්ද වේ.

පසුගිය වසර 450 තුළ එහි අවම වශයෙන් පිපිරීම් 34 ක් වාර්තා වී තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top