OPEN

#

OPEN

#

Jan 13, 2020

හියුමන් රයිට්ස් වොච් ප්‍රධානියාට හොංකොං දොරටු වැසෙයි

හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ ප්‍රධානී - කෙනත් රොත් මහතා හට හොංකොං වෙත ඇතුළුවීමට ඉඩ ලබාදී නැති බව වාර්තා වේ.
ඊයේ (12) දිනයේදී හොංකොං ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිටි ආගමන විගණන නිලධාරීන් කිසිඳු පැහැදිලි කිරීමක් ද සිදුනොකර ඔහුට හොංකොං වෙත ඇතුළුවීමට ඉඩලබාදීම ප්‍රතික්ෂේප කර ඇතිබව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි.

ඔහු හොංකොං වෙත ගොස් තිබුණේ හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ “World Report 2020” නම් ලෝක වාර්තාව එළිදැක්වීම සඳහාය.
 
ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියට චීන රජයෙන් එල්ල කළ 'ප්‍රහාරය' පිළිබඳව ප්‍රධාන ලිපියක් මෙම වාර්තාවට අයත් බව විදෙස් වාර්තා සඳහන් කරයි.
 
අද දිනයේදී මේ පිළිබඳ අදහස් දක්වමින් ඔහු සඳහන් කර සිටියේ බීජිං හි පීඩනය යටතේ හොංකොං නගරය පිරිහී ගොස් ඇති ආකාරය පිළිබඳව තමා කණගාටුවට පත්වන බවයි.

හෙට දිනයේදී (14) නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ සංවිධාන පරිශ්‍රයේදී පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම වාර්තාව එළිදක්වන බවද හෙතෙම හෙළිදරව් කළේය.

මේ අතර, දෙසැම්බර් 02 දිනයේදී බීජිං හි විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා හුවා චුන්යින් මහත්මිය පැවසුවේ හොංකොං හි කලබලකාරී සිදුවීම් තුළ ඉතා බරපතල භූමිකාවක් රඟදැක්වූ හියුමන් රයිට්ස් වොච් හා තවත් සංවිධාන 4කට එරෙහිව සම්බාධක පැනවීමට චීන රජය කටයුතු කරන බවයි. 
 
(සවුත් චයිනා මෝනින් පෝස්ට් ඇසුරෙනි)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top