හඳට යන්න ජීවන සහකාරියකට ඇබෑර්තු! www.thehauterfly.com
Jan 14, 2020

හඳට යන්න ජීවන සහකාරියකට ඇබෑර්තු!

සමාජ ජාල තුළ අවධානය දිනාගන්නා සිරස්තල මවන්නෙකු ලෙස ජනප්‍රිය ජපාන ප්‍රකෝටිපතියෙකු වන යුසාකු මේසාවා, යළිත් ලොවපුරා අවධානය ගැනීමට සමත් වී ඇත.

ඊලොන් මස්ක් ගේ සමාගමක් විසින් සිදුකරන Space X නම් සඳවටා යන සංචාරක ගමනේ මංගල චාරිකාවට මේ වන විටත් එක්ව සිටින යුසාකු මහතා, තමා සමග එම සංචාරයට එක්වීමට "ජීවිත සහකාරියකු" සොයන බවට නිවේදනය කර තිබේ.

44 හැවිරිදි ඔහු, මෙම සංචාරයට එක්වූ පළමු සිවිල් මගියා ලෙස සැලකේ. මෙම සංචාරය 2023 වසරේදී සිදුවීමට නියමිතය.

මෙම අත්දැකීම 'සුවිශේෂී' කාන්තාවක් සමග බෙදාහදාගැනීමට කැමති බව ඔහු පවසයි.

සිය වෙබ්අඩවිය ඔස්සේ සැලසුම් කර ඇති තරගයකට ජනවාරි 17ට පෙර අයැදුම් කරන ලෙස ඔහු ඉල්ලා ඇති අතර, අයැදුම්කරුවන් සම්බන්ධයෙන් අවසන් තීරණය මාර්තු අවසානයේදී දැනුම් දෙනු ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මේ සඳහා අයදුම් කිරීමට අවශ්‍ය සුදුසුකම් ද එම වෙබ්අඩවියේ සඳහන් ව තිබේ. වයස අවුරුදු 20ට වඩා වැඩි විය යුතු වීම, තනිකඩ විය යුතු වීම, සෑමවිටම ධනාත්මකව සිතිය යුතු වීම හා අභ්‍යවකාශතවීමට කැමැත්තක් තිබීම එහි ඇති කොන්දේසි කිහිපයකි.

මීට සති කිහිපයකට පෙරාතුවද, යුසාකු මහතා පවසා තිබුණේ සිය ට්විටර් පණිවිඩයක් ෂෙයාර් (share) අහඹු ලෙස තෝරාගත් පුද්ගලයන් 100ක් අතර යුවාන් මිලියන 100ක මුදලක් බෙදාදෙන බවයි.

මෙම තරගයට එක්වීමට නම් සිදුකළ යුත්තේ තමාගේ ගිණුමේ අනුගාමිකයෙකු වී (follower)  එම අදාල පණිවිඩය රීට්වීට් (retweet) කිරීම පමණි.

ජපානයේ අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ඇඟලුම් අලෙවි ව්‍යාපාරයක් වන Zozo Inc. හි නිර්මාතෘවරයා වන මේසාවා මහතා විලාසිතා ලෝකය තුළ ව්‍යාප්ත වෙමින් සිය දැවැන්ත ධනස්කන්ධය  උපයා ගත්තේය. ඔහු සතුව ඩොලර් බිලියන 3 කට ආසන්න පෞද්ගලික ධනයක් ඇතැයි විශ්වාස කෙරෙන අතර, ඉන් වැඩි ප්‍රමාණයක් ඔහු කලාව සඳහා වැය කරයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top