Feb 12, 2020

කොරෝනාවෛරසයට නමක් දෙයි

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ දින වල ලොවපුරා පැතිර යන නව පවසන්නේ නව කොරෝනාවෛරසය නිල වශයෙන් නම් කර තිබේ.

Covid-19 ලෙස මෙම වෛරසයට නම් තැබූ බව ජිනීවාහි මාධ්‍යවේදීන් අමතමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ගෙබ්‍රෙයෙසස් මහතා ඊයේ (11) ප්‍රකාශ කළේය.

Corona, Virus, disease යන පද වලින්ද, මෙම මුලින්ම වාර්තාවූයේ 2019දී බැවින් 19 අංකයෙන්ද මෙම නම සෑදී ඇත.

නව වෛරසයට එරෙහිව හැකිතාක් දැඩිව සටන් කරන ලෙස වෛද්‍ය ගෙබ්‍රයිසස් ලෝවැසියන්ගෙන් ඉල්ලා සිටියේය.

මේ අතර, වෛරසය වර්ගීකරණය පිළිබඳ ජාත්‍යන්තර කමිටුව විසින් මෙම වෛරසය SARS-CoV-2 ලෙස නම් කර ඇත.

මේ දක්වා මෙම වෛරසය කොරෝනාවෛරසය ලෙස හැඳින්වුවද, කොරෝනාවෛරස් යනු එක්තරා වෛරස් ඛාණ්ඩයක් පමණි. මෙම ඛාණ්ඩයට චීනයේ මීට කලින් පැතිර ගිය සාර්ස් (SARS) වෛරසයද, ඉන් වසර කිහිපයකට පසුව මැදපෙරදිග කලාපයෙන් ආරම්භ වූ මර්ස් (MERS) වෛරසයද ඇතුළත් වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top