Feb 19, 2020

ට්‍රම්ප්ගේ සංචාරය නිසා ඉන්දියාවේ තාප්ප ප්‍රශ්ණයක් (වීඩියෝ)

ඇමෙරිකානු ජනාධිපති - ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන සතියේදී  ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිත අතර, ඔහු විසින්  ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මව් ප්‍රාන්තය වන ගුජරාටයට යාමට ද නියමිතය.

මේ හේතුවෙන් ගුජරාට් ප්‍රාන්තයේ අහ්මදාබාද් වෙත ලෝක අවධානය යොමුවී ඇති අතර, ට්‍රම්ප් මහතා ද පවසා ඇත්තේ මෙහිදී තමාව මිලියන සංඛ්‍යාත ජනතාවක් විසින් පිළිගනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.

කෙසේවෙතත්, මේ වන විට අහ්මදාබාද් ජනාතව අතර දැඩි අප්‍රසාදයක් ගොඩනැගී ඇති අතර, මීට හේතු වී ඇත්තේ ට්‍රම්ප්ට නොපෙනන ලෙස අහ්මදාබාද් මුඩුක්කු නිවාස තාප්පවලින් වසා දැමීමට අහ්මදාබාද් නගර බලධාරීන් පියවර ගෙන තිබීමයි. තාප්ප සඳහා මහජන මුදල් මුදල් වැයකිරීම වෙනුවට ඔවුන් ගේ සුබසිද්ධිය වෙනුවෙන් බලධාරීන් මෙම මුදල් වැය කළේ නම් වඩාත් යහපත් බව මෙම මුඩුක්කු වල වෙසෙන ජනයා පවසයි.

ට්‍රම්ප් ගේ සංචාරය පෙබ. 24 - 25 දෙදින තුළ සිදුකිරීමට නියමිත අතර, තාප්ප ඉදිකිරීමේ කොන්ත්‍රාත් බාර දුන් පෙදරේරුවන්ට අහ්මදාබාද් නගර බලධාරීන් උපදෙස් දී ඇත්තේ 23 වැනිදාට පෙර තාප්ප සියල්ල ඉදි කර අවසන් කළ යුතු බවය.  එබැවින් එම පෙදරේරුවන් දිවා රෑ නොබලා තාප්ප ඉදි කිරීමේ නියැලෙන බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

(වීඩියෝ : ද ක්වින්ට්)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top