Feb 21, 2020

හිටපු බිරිඳ මැරූ බවට ලෙසතෝ අගමැතිට චෝදනා

සිය හිටපු බිරිඳ ඝාතනය කිරීම සම්බන්ධයෙන් ලෙසෝතෝ හි අගමැති තෝමස් තබානේ (80) හට චෝදනා එල්ල කිරීමට නියමිත බව එරට පොලිසිය පවසයි.

මේ අනුව, ධුරයේ සිටියදී ගෘහස්ථ ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලද පළමු අප්‍රිකානු නායකයා ලෙස තබානේ පත්වනු ඇත.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් කිසිවක් නොපවසන තබානේ ප්‍රකාශ කර ඇත්තේ මහලු විය හේතුවෙන් තමා ජූලි මාසයේදී සිය ධූරයෙන් ඉල්ලා අස්වන බවයි.

ඔහුගේ වත්මන් බිරිඳ වන මෙසායා තබානේ හට දැනටමත් මෙම ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.

ඔහුගේ හිටපු බිරිඳ වන ලිපොලෙලෝ, 2017 දී තබානේ මහතා අගමැති ලෙස දිවුරුම් දීමට දෙදිනකට පෙර වෙඩිතබා මරා දමා තිබුණි. ඒ ඇය, මාසේරු අගනුවරට නුදුරින් පිහිටි කුඩා ගම්මානයක පිහිටි සිය නිවසට ආපසු යමින් සිටියදීය.

ඒ වන විටත්, තබානේ, මෙසායා සමග එක්ව ජීවත් විය. ඒ වන විටත්, තබානේ සමඟ දරුණු දික්කසාද නඩු කටයුතුවල නිරත ව සිට ලිපොලෙලෝ, අගමැති ආර්යාව ලෙස පත්වීමට ඇති අයිතිය තීතිමය ගැටුමකින් දිනාගැනීමට සමත් වී සිටියාය.

ලිපොලෙලෝ ගේ මරණෙන් පසුව තබානේ ගේ දිවුරුම් දීමේ උත්සවයට සමභාගී වූයේ මෙසායා ය.  ඉන් දෙමසකට අනතුරුව ඔවුන් දෙදෙනා කතෝලික ආගමික චාරිත්‍ර අනුව විවාහ විය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top