Feb 24, 2020

මැලේසියානු අගමැති ඉල්ලා අස්වෙයි

මේ වන විට මැලේසියානු අගමැති ලෙස කටයුතු කරන 94 හැවිරිදි මහතීර් මොහමඩ් සිය ඉල්ලා අස්වීම එරට රජුට ඉදිරිපත් කර තිබේ.

මහතීර් මහතාගේ ඉල්ලා අස්වීම සිදුවන්නේ ඔහුගේ අනුප්‍රාප්තිකයා වන අන්වර් ඉබ්‍රාහිම් නොමැතිව ඔහු, නව සන්ධානයක් ඇති කර ගත හැකි බවට පැතිර යන කටකතා මධ්‍යයේ ය.

ලොව වියපත්ම අගමැතිවරයා වන ඔහු, බලයට පැමිණියේ 2018 දී ය.

මැලේසියානු රජු විසින් ඔහුගේ ඉල්ලා අස්වීම භාරගතහොත් මීළඟ අගමැතිවරයා ගෙස පත්වන්නේ කවුද හෝ මැතිවරණයක් පැවැත්වෙන්නේද යන්න පිළිබඳව විස්කර මේ දක්වා වාර්තා වී නොමැත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top