Feb 26, 2020

දිල්ලි ගැටුම්වලින් 13ක් මරුට

පසුගිය ඉරිදා දිනයේ සිට ඉන්දියානු නවදිල්ලි අගනුවර ආරම්භ වූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මේ විට පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් තිබේ.

මතභේදාත්මක නව ඉන්දීය පුරවැසි නීතියට පක්ෂව හා විපක්ෂවූ පිරිස් අතර ඇරඹුනු මෙම ගැටුම් පසුව ආගමික ගැටුම් බවට පරිවර්තනය වී ඇතැයි විදෙස් වාර්තා වල දැක්වේ.

මෙම ගැටුම් වාර්තා වී ඇත්තේ නවදිල්ලි නුවර මධ්‍යවේ සිට සිට කි.මී. 11ක දුරින්, නගරයේ ඊසාන දිගින් පිහිටි, මුස්ලිම් බහුතරක් වෙසෙන ප්‍රදේශ වලිනි.

මේ සතියේ ඉන්දියාවේ සංචාරයක නිරත වූ ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කර තිබුණේ මෙම ගැටලුව නිරාකරණය කරගැනීමට ඉන්දියාවට පැවරුනු කාර්යයක් බවයි.

(බීබීසී පුවත්)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top