Feb 26, 2020

Covid-19 ඉතාලියෙන් යුරෝපා රටවලට පැතිරෙයි

පසුගිය දින වල Covid-19 ලෙස හැඳන්වෙන කොරෝනාවෛරසය ඉතාලියේද පැතිර යාමත් සමග, යුරෝපයේ රටවල් කිහිපයකින් Covid-19 රෝගීන් වාර්තා වී තිබේ.

මෙම රෝගීන සියල්ලම, ඉතාලියේ ඉහත රෝගය පැතිර යාම හා සම්බන්ධ බව පැවසේ.

මේ අනුව, Covid-19 රෝගීන් ඕස්ට්‍රියාවෙන්, ක්‍රොඒෂියාවෙන්, ස්විට්සර්ලන්තයෙන්ද අප්‍රිකාවේ ඇල්ජීරියාවෙන්ද වාර්තා වේ. මෙම රෝගීන් ඉතාලියේ සංචාරය කර ඇති පුද්ගලයන් ලෙස වාර්තා වේ.

මේ අතර, ලතින් අමෙරිකාවෙන් ද පළමුවරට Covid-19 රෝගියෙකු හමුවී ඇති අතර, ඔහුද ඉතාලියේ සිට ගමන් කළ බ්‍රසීලයේ පදිංචිකරුවෙකි.

මෑත දිනවල Covid-19 වෛරසයෙන් වැඩිම බලපෑමට ලක්වූ යුරෝපා රට වන්නේ ඉතාලියයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top