Feb 27, 2020

Covid-19 හමුවේ සවුදි අරාබිය විදෙස් බැතිමතුන්ට දොරටු වසයි

මේ වන විට ලොවපුරා පැතිර යන Covid-19 කොරෝනාවෛරස් රෝගය හමුවේ විදේශ බැතිමතුන් සිට රට තුළට ඇතුළු වීම නැවැත්වීමට සවුදි අරාබිය පියවර ගෙන ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

කෙසේවෙතත්, මේ වසරේ ජූලි මාසයේ ආරම්භ වන හජ් වන්දනා සමයට මෙම පියවර බලපානු ඇති ආකාරය පිළිබඳව තවමත් පැහැදිලි නොවන බව බීබීසී ලෝක සේවය සඳහන් කරයි.

මේ වන විට බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන කොරෝනාවෛරස් රෝගීන් සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම රෝගිය පසුගිය දිනවල සීඝ්‍රයෙන් පැතිර ගිය ඉතාලියෙන් මේවන විට රෝගීන් 400ක් වාර්තා වේ.

මේ වන විට ලොවපුරා රටවල් 40ක පුද්ගලයන් 80,000කට වැඩි පිරිසකට මෙම රෝගය ආසාදනය වී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

(බීබීසී ඇසුරෙනි)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top