Mar 04, 2020

Covid-19 : හෑන්ඩ් ෂේක් වෙනුවට ආ වූහාන් ෂේක් (වීඩියෝ)

මේ දිනවල covid-19 කොරෝනාවෛරසය පැතිරයාමත් සමග, බටහිර සමාජයේ සම්මත පිළිගැනීමේ  ක්‍රමය වන අතට අත දීමෙන් ලෝක ජනයා වැළකී සිටියි.

ඒ, අතට අත දීමෙන් මෙන්ම එකිනෙකා වැළඳගැනීමෙන් මෙම වෛරසය පැතිරයාමේ අවධානය වැඩි බව සෞඛ්‍ය විශේෂඥයන් පැවසීමත් සමගයි.

මෙම වෛරසය මුලින් වාර්තා වූ චීනයේ වූහාන් නගරයේ ජනතාව, එකිනෙක් පිළිගැනීමේදී අතට අත දීම වෙනුවෙන් තම දෙපයෙන් එකිනෙකාට ආචාර කිරීමේ වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලය පුරා පැතිරගොස් ඇති අතර, මෙම ක්‍රමය මේ වන විට 'වූහාන් ෂේක්' ලෙස ජනප්‍රිය වී අවසන්.

අතට අත දීම වෙනුවට ලෝකවාසීන් විසින් එකිනෙකා පිළිගැනීමට යොදාගත් නව ක්‍රම කිහිපයකි මේ.

(වීඩියෝ : ද ටෙලිග්‍රාෆ්)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top