Mar 07, 2020

ලොව පුරා Covid-19 රෝගීන් 100,000 කට වැඩියි?

ලොවපුරා Covid-19 කොරෝනාවෛරසය ආසාදනය වූ රෝගීන් ප්‍රමාණය මේ වන විට 100,000 කට ආසන්න බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ඊයේ දින ජිනීවා හි පැවැත්වුණු මාධ්‍ය හමුවක් අමතමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් - ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් මේ බව පවසා ඇත.

කෙසේවෙතත්, විවිධ ජාතික හා රාජ්‍ය සෞඛ්‍ය නිලධාරීන් විසින් ලබා දුන් සංඛ්‍යා දත්ත ලේඛන අනුව රොයිටර් සහ AFP වැනි ප්‍රවෘත්ති ඒජන්සි වාර්තා කර සිටින්නේ ලොව පුරා වාර්තා වන මුළු ආසාදින රෝගීන් සංඛ්‍යාව 100,000 ඉක්මවා ඇති බවයි.

මේ අතර, අන්තර්ජාලය ඔස්සේ අන්තර්ක්‍රියාකාරී පුවරුවක් (interactive web-based dashboard) ඔස්සේ Covid-19 තත්කාලීනව නිරීක්ෂණය කරන ඇමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලය පවසා ඇත්තේ මේ වන විට මෙම රෝගය පුද්ගලයන් 100,000 කට වඩා ආසාදනය වී ඇති බවත්, ලොව පුරා 3,400 කට වැඩි පිරිසක් මියගොස් ඇති බවත්ය.

(බීබීසී පුවත්)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top