Mar 07, 2020

ඉන්දියාවේ කුකුල් මස් අලෙවිය පහතට

ඉන්දියාවේ කුකුළු මස් ආහාරයට නොගන්නා ලෙස අනතුරු අඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරී ගිය පණිවුඩ මාලාවක් හේතුවෙන් එරට කුකුල් මස් අලෙවිය පහත වැටී ඇතැයි වාර්තා වේ.

මෙම සමාජ මාධ්‍ය සටහන් වල සඳහන් වූයේ කුකුළන් හරහා Covid-19 නම් නව කොරෝනාවෛරසය මිනිසුන් හට ආසාදනය වී හැකි බවයි.

කෙසේවෙතත්, ඉන්දීය බලධාරීන් සඳහන් කර සිටින්නේ මෙවැන්නක් ඔප්පු කිරීමට කිසිඳු විද්‍යාත්මක සාක්ෂියක් නොමැති බවයි. මෙය ඔප්පු කිරීමට ඉන්දීය අමාත්‍යවරුන් විසින් ප්‍රසිද්ධ උත්සව වලදී රෝස්ට් කරන ලද කුකුල් මස් අනුභව කළ බවද විදෙස් වාර්තා වල සඳහන් වේ.

මෙම සාවද්‍ය පුවත් හේතුවනේ ඩොලර් බිලියන 14 ක් විශාල ඉන්දීය කුකුල් මස් කර්මාන්තයට දැඩි ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, මින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ගොවීන්ටයි.

(මූලාශ්‍රය - බීබීසී ප්‍රවෘත්ති)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top