හූබෙයි නගරයේ හුවෝෂජන්ෂන් රෝහලයේ වැඩකටයුතු පිළිබඳ නිරීක්ෂණයක යෙදෙන චීන ජනපති ෂී ජින්පිං මහතා (ඡායාරූපය - ෂින්හුවා) හූබෙයි නගරයේ හුවෝෂජන්ෂන් රෝහලයේ වැඩකටයුතු පිළිබඳ නිරීක්ෂණයක යෙදෙන චීන ජනපති ෂී ජින්පිං මහතා (ඡායාරූපය - ෂින්හුවා)
Mar 10, 2020

Covid-19 මඩින වැඩ බලන්න චීන ජනපති වූහාන් යයි

Covid-19 නම් නව කොරෝනාවෛරසයේ කේන්ද්‍රස්ථානය වන මධ්‍යම චීනයේ හුබෙයි පළාතේ අගනුවර වන වුහාන් නගරය වෙත එරට ජනාධිපති ෂී ජින්පිං මහතා අද (10) සංචාරයක නිරත ව තිබේ.

මෙම වසංගය පසුගිය දෙසැම්බරයේදී ඇරඹීමෙන් පසුව චීන ජනපතිවරයා වූහාන් නගරයට ගිය පළමු අවස්ථාව මෙයයි. කෙසේවෙතත්, මීට පෙර චීන අගමැතිවරයා වූහාන් වල සංචාරයක නිරත විය.

Covid-19 වැළැක්වීම සහ පාලනය කිරීමේ වැඩ කටයුතු පරීක්ෂා කිරීම සඳහා ජනාධිපති ෂී ජින්පිං මහතා මෙලෙස වූහාන් නගරය වෙත ගොස් ඇති බව චීන මාධ්‍ය වාර්තා කරයි.

'චයිනා ඩේලි' පුවත්පතට අනුව සිය සංචාරය අතරතුරදී චීන ජනාධිපතිවරයා වෛද්‍ය සේවකයින්, මහජන විමුක්ති හමුදාවේ අණ දෙන නිලධාරීන් සහ සොල්දාදුවන්, ප්‍රජා සේවකයින්, පොලිස් නිලධාරීන්, රජයේ නිලධාරීන්, ස්වේච්ඡා සේවකයන්, රෝගීන් සහ ප්‍රදේශවාසීන් හමුවනු ඇත.

චීන නායකයාගේ මෙම සංචාරය, Covid-19 වසංගතය හේතුවෙන් එරට පැවති දරුණුතම කාලය අවසන් වී ඇතැයි එරට රජය හට ඇති විශ්වාස පිළිබඳව ප්‍රබල සංඥාවක් ලෙස සැලකේ.

වූහාන් නගරය දෙසැම්බර් 23 සිට නිරෝධායනය කර තිබුණු අතර, පසුගිය දිනවල දිගින් දිගටම මෙම නගරයෙන් වාර්තා වූ නව ආසාදිතයන් ප්‍රමාණය අඩුවිය. මේ හේතුවෙන් හූබෙයි පළාත තුළ ගමන් කිරීමට පණවා තිබූ සීමාවන් ඉතා සුළු වශයෙන් ලිහිල් කර තිබෙන බවද විදෙස් වාර්තා සඳහන් කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top