Mar 11, 2020

COVID-19 සටනට චීනයෙන් ඉතාලියට වෛද්‍ය කණ්ඩායමක්

COVID-19 ට එරෙහි සටනට සහාය වීම සඳහා චීනය විසින් අද (11) වෛද්‍ය විශේෂඥ කණ්ඩායමක් ඉතාලියට යවා ඇත.

චීනයේ රතු කුරුස සංගමයේ උප සභාපතිවරයකු සහ රෝග පාලනය හා වැළැක්වීමේ චීන මධ්‍යස්ථානයේ විශේෂඥයෙකුගේ නායකත්වයෙන් යුත් මෙම කණ්ඩායමට සිචුවාන් පළාතෙන් විශේෂඥයන් පස්දෙනෙකුද එක්වී තිබේ.

මීට පෙර චීන විදේශ ඇමති වාන්ග් යී මහතා ඉතාලි විදේශ ඇමති ලුයිජී ඩි මායෝ මහතා සමඟ දුරකථනය ඔස්සේ සම්බන්ධ වෙමින් පවසා තිබුණේ මෙම අවස්ථාවේදී ඉතාලියට උපකාර කිරීමට එරටට අවශ්‍ය වෛද්‍ය උපකරණ මෙන්ම වෛද්‍ය විශේෂඥයන් ගේ සහය ලබාදීමට චීනය ඉදිරිපත් වන බවයි.

චීනයෙන් පසුව දරුණුවටම COVID-19 වෛරසය පැතිර ගොස් තිබෙන්නේ ඉතාලිය තුළයි.

(CGTN)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top