Mar 13, 2020

කැනේඩියානු අගමැති බිරිඳටත් කොරෝනා

කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝගේ බිරිඳ හට COVID-19 කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

මේ සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ නිවේදනයක් නිකුත් කරමින් ටෲඩෝගේ කාර්යාලය සඳහන් කර ඇත්තේ ඇය සුවෙන් සිටින බවත්, මේ වන විට නිරෝධනය වී සිටින බවත්ය.

මේ සමගම කැනේඩියානු අගමැතිවරයාද වෛද්‍ය උපදෙස් පිළිපදිමින් දින 14ක කාලයක් නිරෝධනය වී සිටීම ආරම්භ කරන බවත්, ඔහු නිවසේ සිට සිය නිල රාජකාරී කටයුතු වල නිරත වන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top