Mar 14, 2020

ඇමෙරිකාවේ එක් ප්‍රාන්තයක් හැර අනෙක් ප්‍රාන්ත 49ටම කොරෝනා

ඇමෙරිකා එක්සත් ජනපදයේ බටහිර වර්ජිනියා ප්‍රාන්තයේ හැරුණු විට එරට ප්‍රාන්ත 49ක මේ වනවිට කොරෝනා නමැති කොවිඩ්-19 වෛරසය ආසාදනය වූවන් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එක්සත් ජනපදයේ මේ වනවිට වෛරස් රෝගීන් 2,204ක් හා මරණ 49ක් වාර්තා වී ඇතැයි පැවසේ.

එක්සත් ජනපදයේදී රෝගීන් 2,134ක් හඳුනාගෙන පරීක්ෂාවට ලක්කිරීමෙන් පසුව ආසාදිතයන් බව හඳුනාගෙන ඇත.

කොරෝනා නිසා ජාතික හදිසි තත්ත්වයක්

කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය ‘ජාතික හදිසි තත්ත්වයක්’ ලෙස ප්‍රකාශයට පත් කරන බව ඇමෙරිකා එක්සත් ජනපද ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පැවැසීය.

ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශයත් සමඟ ලොව ධනවත්ම රට ලෙස සැලකෙන ඇමෙරිකා එක්සත් ජනපදයේ පාසල්, ක්‍රීඩා ඉසව්, කාර්යාල සහ සංචාරක කටයුතු නවතා දැමීමට පියවර ගැනිණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top