Mar 15, 2020

ට්‍රම්ප් ට කොරෝනා නෑ ලු

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට නව කොරෝනාවෛරසය ශරීරගතවී නැතැයි ධවල මන්දිර වෛද්‍යවරයා ප්‍රකාශ කරයි.

පසුගියදා ඇමෙරිකානු ජනපතිවරයා සමග හමුවූ බ්‍රසීල දූත පිරිසේ සිටි කිහිපදෙනෙකු හට Covid-19 ශරීරගතවීමෙන් අනතුරුව ට්‍රම්ප්ට ද මෙම වෛරසය ශරීරගතවී ඇතිදැයි යන්න සැක පහල වී තිබුණි.

“බ්‍රසීලියානු නියෝජිත කණ්ඩායම හමුවී සතියකට පසුවත්, ජනාධිපතිවරයාට රෝග ලක්ෂණ පහල වී නැති," බව ෂෝන් කොන්ලි මහතා පැවසීය.

කෙසේවෙතත් මෙම රැස්වීමෙන් අනතුරුව, ට්‍රම්ප් මහතා ස්වයං-නිරෝධායනයට ලක්වීමට ප්‍රතික්ෂේප කර තිබුණේ තමාට කිසිදු රෝග ලක්ෂණයක් නොමැති බව පවසමිනි.

එහෙත් ධවල මන්දිරයේ පැවති සමුළුවකදී මේ සම්බන්ධයෙන් නැගුණු ප්‍රශ්න රැසකට පිළිතුරු දීමෙන් අනතුරුව පරීක්ෂාවට ලක්වීමට ට්‍රම්ප් මහතා එකඟතාවය පළ කර සිටියේය.

ඒ අනුව, පසුගිය සිකුරාදා දිනයේදී ඔහු Covid-19 පරීක්ෂණයට ලක්වූ බව කළ බව ධවල මන්දිර වෛද්‍යවරයා පැවසීය.

(බීබීසී පුවත්)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top