Mar 19, 2020

කොරෝනා ඇරඹුනු වූහාන් වල ඊයේ නව ආසාදිතයන් නෑ

Covid-19 නව කොරෝනාවෛරසය ආරම්භ වූ වූහාන් නගරයෙන් ඊයේ දිනයේදී (18) නව ආසාදන කිසිවක් වාර්තා නොවූ බව චීන මාධ්‍ය වාර්තා කරයි.

වුහාන් නගරය පිහිටි හූබෙයි පළාතේ සෞඛ්‍ය කොමිෂන් සභාව පවසා තිබුණේ ඊයේ දින තවත් මරණ 08ක් වාර්තා වුවද, නව ආසාදන රෝගීන් කිසිවක් වාර්තා නොවූ බවයි.

ඊයේ දිනයේදී Covid-19 රෝගයෙන් සුවය ලැබූ හූබෙයි පළාතේ රෝගීන් 795 දෙනෙකුද රෝහලෙන් පිටව ගොස් තිබුණි.

මේ අතර, හූබෙයි පළාත තුළ මෙම රෝගය වැළඳී ඇතැයි සැකසහිත සංඛ්‍යාව ද පෙරේදා දිනයේදී ඉහළ නොගිය බවද මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

මීට මසකට පෙර මෙම පළාතෙන් දෛනිකව වාර්තා වූ නව ආසාදිත රෝගීන් සංඛ්‍යාව දහස් ගණනක් වුවද, පසුගිය සතිය වන විට දෛනිකව වාර්තා වූ නව ආසාදිත රෝගීන් ගණන 10ට වඩා අඩුව පැවතිනි.

චීන මාධ්‍ය වාර්තා කරන අන්දමට ඊයේ දිනයේදී දේශීය රෝග සම්ප්‍රේෂණය සම්පූර්ණයෙන්ම නැවතී තිබුණු නමුත්, විදේශ වලින් බෝවුනු ආසාදිත ප්‍රමාණය ඊයේ වන විට 34 දක්වා වැඩිවූ වී ඇත.

(ෂින්හුවා පුවත් සේවය ඇසුරෙනි)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top