ඕස්ට්‍රේලියාව විදේශිකයන්ට වැට බඳියි fijivillage.com
Mar 19, 2020

ඕස්ට්‍රේලියාව විදේශිකයන්ට වැට බඳියි

ඕස්ට්‍රේලියානු නොවන සියලු වැසියන්ට සිකුරාදා (20) රාත්‍රී 9.00 සිට රට තුළට ඇතුළුවීම තහනම් කරන බව ඕස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ආසාදිතයන්ගෙන් වැඩි ප්‍රමාණයක් විදේශයන්හී සිට පැමිණි අය බව ඒ මහතා කියා සිටියේය.

 තහනම දින නියමයක් නොමැතිව ක්‍රියාත්මක වන බව පැවසේ.

කොරෝනා වයිරසය ආසාදිත මරණ 6ක් ඕස්ට්‍රේලියාවෙන් මේ වනවිට වාර්තා වී ඇති අතර වයිරස් ආසාදනය වූ පුද්ගලයන් 600ක් පමණ සිටින බව වාර්තා වේ.

කෙසේවුවද මාධ්‍ය වාර්තා කර ඇත්තේ එය අනෙක් රටවල් හා සසඳන විට සාපේක්ෂව කුඩා සංඛ්‍යාවක් වන බවයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top