Mar 20, 2020

නිර්භයා ගේ ඝාතකයන් එල්ලයි

වසර 2012 දී තරුණියක් සමූහ දූෂණ කර ඝාතනය කිරීමේ නඩුවේ චූදිතයන් සිවුදෙනා හට අද (20) දිනයේදී මරණ දඬුවම ලබාදී තිබේ.

මේ අනුව මෙම නඩුවේ චූදිතයන් වූ මුකේෂ් සිං, පවන් ගුප්තා, අක්ෂේ තාකූර් සහ විනායි ෂර්මා එල්ලා දැමීමෙන්  මරණ දඬුවම ලබාදී ඇති බව බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මොවුන් හට මරණ දඬුවම නියම වූයේ වසර 2013දී ය.

2012 දෙසැම්බර් 16 දින ධාවනය වන බස් රථයක දී මොවුන් හට ගොදුරු වූයේ 'නිර්භයා' ලෙස මුලින් මාධ්‍ය විසින් හැඳින්වූ ජෝති සිං නමැති 23 හැවිරිදි වෛද්‍ය සිසුවිය වන අතර එම සිද්ධියේ බරපතල තුවාල ලැබූ ඇය රෝහල්ගතව සිටියදී ජීවිතක්ෂයට පත්විය.

මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු සය දෙනා අතුරින් එක් අයෙකු මාර්තු 23දා සිරමැදිරිය තුළ සියදිවි නසාගෙන තිබුණි.

අපරාධය සිදුකළ අවස්ථාවේ 17 වියේ පසුවූ අවසන් වරදකරු වසර තුනක කාලයක් පුරාවට පුනරුත්ථාපන මාධ්‍යස්ථානයක රඳවා තැබීමෙන් පසුව 2015 දී නිදහස් විය. මෙය ඉන්දීය නීතිය යටතේ බාලවයස්කරුවෙකුට ලබාදිය හැකි උපරිම දඬුවම වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top