Mar 24, 2020

Covid-19 වසංගතය උත්සන්න වෙලා - WHO

ලොවපුරාවටම පැතිරී ගොස් ඇති Covid-19 නව කොරෝනාවෛරස් වසංගත තත්ත්වය උත්සන්න වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනතුරු අඟවයි.

ඊයේ (23) ජිනීවා හි පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු පවසා තිබුණේ මේ වන විට ලොවපුරා Covid-19 ආසාදිත රෝගීන් 300,000ක් වාර්තා වන බවයි.

පළමු රෝගීන් ලක්ෂය වෛරසය ආරම්භ වී දින 67 තුළ වාර්තා වූ බවත්, මීළඟ ලක්ෂය ඉන් දින 11 කට පසුවත්, තෙවැනි ලක්ෂය ඊට තවත් දින 4කට පසුවත් වාර්තා වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය මෙහිදී පැවසීය.

මාධ්‍ය හමුව අමතමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් ගෙබ්‍රෙයෙසස් මහතා පැවසුවේ ලොවපුරා සෞඛ්‍ය සේවකයන් විශාල වශයෙන් මෙම රෝගයට බිලිවන බවට වාර්තා ලැබී ඇති බවයි.

සෞඛ්‍ය සේවකයින්ගේ ගෝලීය ආරක්ෂණ ආම්පන්න හිඟය විසඳීම සඳහා G20 නායකයන් හා සම්බන්ධ වන බවද හෙතෙම පැවසීය.

Covid-19 මන්දගාමී කිරීමේ අරමුණෙන් සිය නිවසේ රැඳී සිටින මෙන් හා භෞතික දුරස්ථභාවය රැකගන්නා මෙන් ඉල්ලා සිටීම  වැදගත් වන නමුත් ඒවා ආරක්ෂක පියවරයන් පමණක් බව ඔහු සඳහන් කළේය.

කෙසේවෙතත්, මෙම සටන ජයගැනීමට ආක්‍රමණශීලී හා ඉලක්කගත උපක්‍රම මගින් මෙම වෛරසයට පහර දිය යුතු බවද ඔහු අවධාරණය කළේය.

තවද, 2020 තෝක්යෝ ඔලිම්පික් උළෙල සම්බන්ධයෙන්ද තීරණයක් එම බලධාරීන් විසින් නුදුරේදීම ගනු ඇති බවද මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කෙරුණි.

(මූලාශ්‍රය : AAP)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top