Mar 25, 2020

චාල්ස් කුමරුටත් කොරෝනා

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමාරයා වන චාල්ස් කුමරු හට Covid19 කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව 'ක්ලැරන්ස් නිවස' ප්‍රකාශ කරයි.

මේ වන විට 71 වියේ පසුවන චාල්ස් කුමරු හට මද වශයෙන් Covid19 රෝග ලක්ෂණ පෙන්නුම් කරන නමුත්, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමේ පවතින බව ඔහුගේ ප්‍රකාශකයෙකු පවසයි.

චාල්ස් කුමරුගේ බිරිඳ වන කෝන්වෝල් හි ආදිපාදවරිය වන කැමිලා ද Covid19 පරීක්ෂාවට ලක් කළ නමුත් ඇයට මෙම රෝගය ආසාදනය වී නැති බව පරීක්ෂණ වාර්තා වලින් ඔප්පුවී තිබේ.

ක්ලැරන්ස් නිවස වැඩිදුරයත් පවසා ඇත්තේ වෛද්‍ය උපදෙස් වලට අනුව චාල්ස් සහ කැමිලා දෙපළ මේ වන විට බැල්මොරල් මාලිගයේ ස්වයං නිරෝධායනයේ සිටින බවත්, චාල්ස් කුමාරයා එහි සිට සිය රාජකාරී කටයුතු වල නිරත ව සිටින බවත්ය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top