Mar 25, 2020

ඉන්දියාව Lockdown : දිල්ලියට සහන!

Covid19 වසංගතයට මුහුණදීම සඳහා ඉන්දියාව ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ සිට දින 21ක් පුරාවට ‘ටෝටල් ලොක්ඩවුන්’ හෙවත් රට සම්පූර්ණයෙන් වසා දැමීමේ ක්‍රමවේදයට අවතීර්ණ විය.

මේ සමග අද මාධ්‍ය හමුවක් අමතමින් නවදිල්ලියේ මහඇමති අරවින්ද් කෙජ්රිවාල් පවසා තිබුණේ මෙමගින් නිවෙස් වලට කොටුවන නවදිල්ලි ජනතාව හට අවශ්‍ය වන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමට කටයුතු කරන බවත්, කිසිවෙකුට කුසගින්නේ නොතැබීමට හැකි උපරිමයෙන් කටයුතු කරන බවත්ය.

සෞඛ්‍ය සේවා, මාධ්‍ය වැනි ක්ෂේත්‍ර වල අත්‍යවශ්‍ය සේවා ලබාදෙන පුද්ගලයන් හට සිය හැඳුනුම්පත පෙන්වා සිය රාජකාරි වල නිරත විය හැකි බවත්, ආහාරපාන අලෙවි කරන අලෙවිසැල් හට ඊ-පාස්පතක් ලබාගැනීමට රජය හා සම්බන්ධ වන ලෙසත් ඔහු මෙහිදී පවසා ඇත.

පවතින කොරෝනාවෛරස් වසංගතය හමුවේ දුගී ජනතාව රැකබලාගැනීමට කෙජ්රිවාල් ගේ AAP පක්ෂය විසින් මේ වන විටත් පියවර රැසක් ගෙන තිබේ.

මේ අනුව, ලක්ෂ 72කට 50% වැඩි ප්‍රමාණයක් සමග නොමිලේ ආහාර සලාකයද, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සියළු කම්කරුවන් හට ඉන්දීය රු. 5000ක්ද, රාත්‍රී නවාතැන් වලට එක්වන නිවෙස් රහිත පුද්ගලයන් හට නොමිලේ ආහාරද ලබාදීමට කටයුතු කර තිබුණි.

තවද, වැන්දඹුවන්ට, වියපත්වූවන් හට අබාධිත පුද්ගලයන් ගේ විශ්‍රාම වැටුප ද දෙගුණක් කර තිබෙන බව AAP පක්ෂය සඳහන් කර ඇත.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top