Mar 27, 2020

කොරෝනා ගැන දැනගන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් App 1ක් Featured

කොරෝනා වයිරසය පිළිබඳ තොරතුරු ලබාදීම සඳහා මෘදුකාංගයක් (ඇප් එකක්) හඳුන්වාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සැලසුම් කර තිබේ.

මෙහි මූලික සංස්කරණයක් ලබන 30 වැනිදා නිකුත් කිරීමට නියමිත බවද වාර්තා වේ.

වයිරසය පිළිබඳ හදිසි දැනුම්දීම්, ප්‍රවෘත්ති, උපදෙස් සහ වෙනත් යාවත්කාලීන තොරතුරු මෙම මෘදුකාංගයෙන් ලබා දෙනු ලබන අතර ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වන විටත් සිය නිල වෙබ් අවඩිය මගින් සහ වට්ස් ඇප් මාර්ගයෙන් වයිරසය පිළිබඳ තොරතුරු ලබාදීම සිදුකරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වන විටත් සිය නිල වෙබ් අවඩිය මගින් සහ වට්ස් ඇප් මාර්ගයෙන් වයිරසය පිළිබඳ තොරතුරු ලබාදීම සිදුකරයි.  
 
වෛරසය පිළිබඳ  තොරතුරු හා වෛරසයට එරෙහිව කටයුතු කිරීම සඳහා සෞඛ්‍ය සම්පන්නව සිටීමට මහජනතාව පෙළඹවීම ද මෙමඟින් සිදු කරනු ලබන බවද වාර්තා වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top